Gossips

වර්ෂාව නිසා දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මුහුදුබඩ ඇතුළු දුම්රිය මාර්ග කිහිපයක අද පෙරවරුවේ ධාවන කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදුවුණා.
ජල ගැලීම් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ලූණුවිල දක්වා සීමා කර තිබෙනවා.
කැළණිවැලි මාර්ගයේ කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලි පැනීම නිසා මහරගම දක්වා සීමා කර තිබූ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ.
මේ අතර, ගිලා බැසීමේ අවදානමක් නිසා බියගම – කඩුවෙල නගර යා කෙරෙන ප්‍රධාන පාලමේ ගමනාගමන කටයුතු තවදුරටත් සීමා කර තිබෙනවා.
එහි එක් මංතීරුවක් පමණක් ගමනාගමන කටයුතු සඳහා විවෘත කර ඇති අතර, වහන තදබදයක් ඇති විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.