Gossips

ගුවන් තොටුපළේදී ලක්ෂ 15ක දුම්වැටි අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් පහලොස් ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ අද අලූයම 1.10ට පමණ කුවේට් හි සිට පැමිණි මෙම පුද්ගලයා ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මොහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු බව රේගු දෙපාර්තමේන්තුව කියා සිටියා.