Gossips

සනත් නිශාන්ත හා ඔහුගේ සහෝදරයා යළි රිමාන්ඩ්

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරුවන් අද හලාවත මහාධිකරණයට ඉදිරිපත් කිිරීමෙන් අනතුරුවයි මෙලෙස ලබන මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.
ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා මත සැකකරුවන් පසුගිය මාර්තු මස 19 වන දා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී නියෝග කෙරුණේ අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.