Gossips

ආයාචනා කිරීමට සූදානම් නැහැ – උතුරු කොරියාව, ඇමරිකාවට කියයි

තමන් සමඟ සාකච්ඡාවට පැමිණෙන ලෙස ඇමරිකාවට ආයාචනා කිරීමට සූදානම් නොමැති බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා.
එරට උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව රාජ්‍ය තාන්ත්‍රිකව ගැටළු විසදා ගැනීමට සූදානම් නොමැති නම් න්‍යෂ්ටික ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට වුවද උතුරු කොරියාවට සිදුවන බවයි.
උතුරු කොරියාව සමඟ ලබන මස 12 වන දා සැලසුම් කර ඇති සාකච්ඡා පැවැත්වීම අවිනිශ්චිත බව පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
එමෙන්ම ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාව හෑල්ලූවට ලක් කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර, ඔහුගේ එම ප්‍රකාශවලට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වමින් සදහන් කර ඇත්තේ මයික් පෙන්ස් මෝඩයෙකු බවයි.