Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අද පස්වරුවේ රැස්වනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අවසන් වාර්තාව සහ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේ.
අදාළ කමිටු රැස්වීම අද පස්වරු 3ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.