Gossips

දුම්රිය සේවක වර්ජනයෙන් පිරිසක් ඉවත්වෙයි

වැටුප් විෂමතා සහ පුරප්පාඩුවලට බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ප්‍රවේශපත්‍ර සංග්‍රාහක, බඩු පරීක්ෂක සැරයන්වරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවනවා.
මෙම වර්ජනයට දුම්රිය ස්ථාන සංඥාකරුවන් එක්වීමට නියමිතව තිබුණත් ඔවුන් ඊයේ රාත්‍රියේ වර්ජනයෙන් ඉවත්ව තිබෙනවා.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවන බවයි.