Gossips

ප්‍රජා අයිතිය අහෝසි කිරීම පහසු නොවන බව හිටපු ජනපති කියයි

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන අවසන් ජන රැළිය හෝමාගම නගරයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මේ අතර පොදුජන පෙරමුණේ තවත් ජන රැළියක් ඊයේ මහනුවරදී පැවති අතර මේ ඊට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එතරම් පහසු කාර්යයක් නොවන බවයි.
තමන් කළ සංවර්ධන කාර්යයන් වත්මන් ආණ්ඩුව සිදුකරමින් සිටින බවද ඔහු සඳහන් කළා.