Gossips

නිවසක වළ දමා තිබූ යුධ උපකරණ තොගයක් සොයාගනියි

එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ ප්‍රභල එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ලෙස ‍කටයුතු කළ මුණියාන්ඩිරාජා රංජන් නොහොත් දීපන් නමැත්තාගේ කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ නිවස ඉදිරිපස වළ දමා තිබු බෝම්බ සොයන උපකරණයක් හා ආයුධ තොගයක් ඊයේ(23) සොයාගත් බව ධර්මපුරම් පොලිසිය පවසනවා.
ධර්මපුරම් පොලිසිය පැවසුවේ ගුවන් හමුදාවට ලද තොරතුරක් මත කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ සිදුකළ කැනීමකදී අදාළ ආයුධ හමු වු බවයි.
නිවස ඉදිරිපස අඩි හයක් පමණ ගැඹුරින් සකස් කළ වළක සඟවා තිබු පෙට්ටියත තිබි අදාළ ආයුධ සොයාගත් බවද පොලිසිය සදහන් කළා.
පොලිසිය පැවසූවේ ගුවන් හමුදා නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන් හා ධර්මපුරම් පොලිස් නිළධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමේදී බෝම්බ සෙවීමට යොදාගන්නා නවීන උපකරණයක් හා පිස්තෝල පතුරම් කිහියපයක් සොයාගත් බවයි.
මීට පෙරද අවස්ථා ගණනාවකදී කිලිනොච්චිය හා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය වළ දැමු රත්රන් හා ආයුධ පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නොලැබුණා.
සොයාගත් උපකරණ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

වවුනියාව -මාධව කුලසූරිය