Gossips

කොළඹ වරාය නගර ව්‍යාපෘති පෙත්සම සළකා බැලීම 21 වනදා

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීත්‍යානුකූල පාරිසරික බලපෑම් තක්සේරුවකින් තොරව ක්‍රියාත්මක කරන බව පවසමින් එය අත්හිටුවන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සැප්තැම්බර් 21 වනදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඇතුලූ පාර්ශව කිහිපයක්.
මේ අතර උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් සිදුව ඇති වගා හානි සහ නිවාස හානි ඇතුළු සියලූ කරුණු සම්බන්ධයෙන් මාර්තු මස 27 වනදාට පෙර අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද රජයට නියෝග කර තිබෙනවා.