ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ – විජේරාම මාවතේ නිල නිවසේදියි.
මෙහිදී නිදහස් පක්ෂ අනුශාසකවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා සමඟ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි 16 දෙනාගේ කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එමෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් පවතින විවේචන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළා.