Gossips

මහ ජනතාවගේ තැන්පතු ගැන මැති සබයේ හෙළිදරව්වක්

ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනය මහ බැංකුවේ අවසරයකින් තොරව මහජනතාවගෙන් තැන්පතු ලබාගෙන ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා.
ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමුකිරීමත් සමඟයි.
එහිදී අනාවරණ වූ තවත් කරුණක් වූයේ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගමද මහ බැංකුවට ඉදිරිපත් නොකළ දෙවැනි ගිණුම් වාර්තාවක් පවත්වාගෙන යමින් මහජනතාවගෙන් තැන්පතු වශයෙන් මුදල් ලබාගෙන ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සභාවේ අවධානය යොමුකළ අතර, ඊට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ප්‍රතිචාර දක්වා සිටියා.
පසුව ඊට සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම කතානායක කරූ ජයසූරීය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද මැදිහත් වුණා.