Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ලිපියක්

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය යන සංවිධානයන්හි නෛතිකභාවය දැනගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ කම්කරු කොමසාරිස්වරයාට ලිපි යොමු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් මේ අදහස් පළකළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්තා සාකච්ඡාවකදී.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සහ පුරවැසි බලය යන සංවිධාන විසින් නඩු ගොනුකිරීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළවුණා.