මරදාන ටෙක්නිකල් හංදිය අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
දුම්රිය මුලස්ථානය ඉදිරිපිට තිබු මාර ගසක් මාර්ගය හරහා කඩා වැටීම හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
මේ හේතුවෙන් යතුරුපැදිකරුවෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලිස් නිලධාරීන් එක්ව ගස කපා ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටිනවා.
ගස කපා ඉවත් කෙරෙන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට සහ මහජනතාවට දැනුම්දෙන්නේ.