Gossips

ඒ බී ඩිවිලියස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

දකුණු අප්‍රිකා කණ්ඩායමේ සුපිරි පිතිකරු ඒ බී ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
34 හැවිරිදි පිතිකරුවා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සිය සමුගැනීම ප්‍රකාශයට පත්කර ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා සඳහන් කළේ.
මේ වන විට ටෙස්ට් තරග 114 කට, එක්දින තරග 228 කට සහ 20 යි 20 තරග 78 කට ඔහු ක්‍රීඩා කර තිබෙනවා.
මෙවර අයි පී එල් තරගාවලියේ දී ඩිවිලියස් නියෝජනය කළේ රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමයි.
තමා ක්‍රීඩාවෙන් මේ වන විට දැඩි වෙහෙසකට පත්ව සිටින අතර කණ්ඩායමේ තමාට ඇති ස්ථානය වෙනත් අයෙකුට හිමිකර දීමට මෙය හොඳම අවස්ථාව බව ද ඩිවිලියස් සිය වීඩියෝ පණිවුඩය මගින් ප්‍රකාශකර තිබෙනවා.
සමුගැනීමට තීරණය කිරීම ඉතා අසීරු වුව ද මෙය සමුගැනීමට හොඳම කාලය බවයි ඔහු කියාසිටියේ.
පසුගිය වසර කිහිපය පුරා තම ක්‍රීඩා දිවියේදී සහය දුන් පුහුණුකරුවන්ට මෙන්ම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ස්තූතිය පළකරන බව ද ඒ බී ඩිවිලියස් ප්‍රකාශ කළා.