Gossips

දකුණු පළාතේ පෙර පාසල් ලබන 3 වනදා දක්වා වැසේ

දකුණු පළාතේ පැතිර යන උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පෙර පාසල් යළි ආරම්භ කිරීම කල් දමා තිබෙනවා.
ඒ අනුව එම පෙර පාසල් ආරම්භ කිරීම ලබන මස 4 වනදා සිදු කෙරෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර ප්‍රකාශ කළේ.
එමෙන්ම උඩුගම, මොරවක, ගාල්ල, මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල යන අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රාථමික අංශ සඳහා හෙට සහ අනිද්දා මෙන්ම 28 වනදා යන දිනයන්හි නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.