Gossips

උණ වැලදුණු තවත් දරුවෙකු කරාපිටිය රෝහලේදී මරුට

දකුණු පළාතේ පැතිර යන උණ රෝගී තත්ත්වයෙන් තවත් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම දරුවාට උපතින් හෘද රෝග තත්ත්වයක් පැවති බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය සඳහන් කළේ.
අවුරුද්දකට වඩා අඩු වයසින් යුත් මෙම දරුවා දින ගණනක් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරස් උණ රෝගයට ප්‍රතිකාර ගෙන තිබෙනවා.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය කියා සිටියේ මෙම දරුවාගේ ඉන්ෆුවෙන්සා තත්ත්වය නියුමෝනියාව දක්වා වර්ධනය වීම හේතුවෙන් ඊයේ (23) මියගොස් ඇති බවයි.
ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරස් උණ අසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 08 ක් දක්වා ඉහළ යනවා.
දකුණු පළාතේ පැතිර යන උණ තත්ත්වය හේ්තුවෙන් මියගිය මුළු සංඛ්‍යාව 13 ක්.
මෙම වෛරස් උණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ සියලුම පෙර පාසල් ඊයේ සිට ලබන 28 වනදා දක්වා වසා දැමීමට පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කරනු ලැබුවා.
වෛරස් උණ වැළදුණු රෝගින් 400 පමණ මේ වනවිට දකුණු පළාතේ රෝහල් තුල ප්‍රතිකාර ලබන අතර ඉන් 215 ක්ම ප්‍රතිකාර ලබන්නේ මාතර, හම්බන්තොට සහ කරාපිටිය රෝහල්වලයි.