Gossips

ගංවතුරට පැන්න පාසල් සිසුවා අතුරුදන්

විනෝද වීම සඳහා ගිං ඔයට පැන ඇති පාසල් සිසුවෙකු අතුරුදහන්වී ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.
ඊයේ (22) සවස මෙම අනතතුර සිදුව ඇති අතර වෙන්නප්පුව, ලුණුවිල, පීරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.මධුර ඩිල්ෂාන් නමැති 17 හැවිරිදි සිසුවෙක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිව ඇති ගංවතුර බැලීමට තවත් පිරිසක් සමඟ මෙම පාසල් සිසුවා ගොස් තිබෙනවා.
අනතුරුව ඔහු එකවරම ජලයට පැන ඇති අතර ජලයේ ගසාගෙන ගොස් අතුරුදන්වූ සිසුවාගේ මළ සිරුර මෙතෙක් සොයා ගෙන නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.