Gossips

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් සීමා

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට මහරගම දක්වා පමණක් තවදුරටත් සීමා කර තිබෙනවා.
ඒ, කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකිරීම හේතුවෙන්.
කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රිය කොට්ටාව දුම්රිය ස්ථානය අසළ දී ඊයේ (22) පස්වරුවේ පීලි පැනීමට ලක්වූ අතර එහිදී මාර්ගයට සහ දුම්රියට දැඩි අලාභ හානි සිදුව තිබුණා.