Gossips

වැසි වැඩිවුවහොත් ගංගාවල ජල මට්ටම් යළි ඉහළ යන ලකුණු

ඉදිරි පැය කිහිපයේදී වර්ෂාපතනයේ වැඩිවීමක් සිදුවුවහොත් කැළණි, කළු, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් නැවතත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, එම ගංගාවල ජල මට්ටම් සමස්තයක් ලෙස පහළ බැස්ස ද ඒ අවට සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ කියා සිටියේ.