Gossips

නාගලගම්වීදිය ජල මාපකයේ සිදුවන වෙනස

නාගලගම්වීදිය ජල මාපකයේ අද (23) මේ වන විට දැක්වෙන්නේ අඩි 5 ක් ලෙසයි.
එය අද පෙරවරු 6.30 වන විටත් අඩි 5 ක මට්ටමමේම පැවති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ගඟේ ජල මට්ටම සුළු වශයෙන් අඩු වෙමින් පවතින බවයි.
මීට අමතරව කැලණි ගගේ නොර්වුඩ්, කිතුල්ගල, දැරණියග, හොලම්බුව, අවිස්සාවේල්ල ජල මාපකවල අගය සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති අතර හංවැල්ල ජල මාපකයේ අගය තවදුරටත් අවදානම් මට්ටමක පවතිනවා.
මේ අතර ඊයේ දිනයේදී සුළු වශයෙන් කැලණි ගඟ පිටාර ගැලීමට ලක් වූ කොහිලවත්ත, කැලණිමුල්ල ආදී ප්‍රදේශවල අද පෙරවරුවේ එම තත්ත්වය පහව ගොස් ඇති ආකාරය දක්නට ලැබුණා.
කෙසේ වෙතත් ගඟ දෙපස පහත්බිම්වල තවදුරටත් ජලය රැදී තිබෙන ආකාරය අපට දැකගතහැකි වූවා.
මේ අතර අද පෙරවරුවේ සිට කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවලටද දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතිනවා.
මීට සුළු මොහොතකට පෙර නාගලගම්වීදිය ජල මාපකයේ දර්ශන පහතින්.