Politics Sri Lanka

කෝටි දෙකක රන් බිස්කට් තොගයක් යාපනයෙන් අල්ලයි

කෝටි දෙකක රන් බිස්කට් තොගයක් යාපනයෙන් අල්ලයි

යාපනය කන්කසන්තුරෙයි මුහුදු තීරයේදී ඉතා රහසිගතව රුපියල් කොටි දෙකකට අධික වටිනාකමකින් යුතු රත්තරන් කිලෝ 3.7ක ප්‍රමාණයක් ඩිංගි බොට්ටුවකින් රැගෙන යමින් සිටියදී ඊයේ (06) සවස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ අදාල රත්‍රං කිලෝග්‍රෑම් 3.7ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එම පුද්ගලයින් ධිවර බොට්ටුවකින් රැගෙන ගිය ග්‍රෑම් 100 කැබලි 37ක් වශයෙන් ඉතා සූක්ෂම ලෙස සඟවා යමින් සිටියදී එම රත්‍රං තොගය හමුවී තිබේ.

කන්කසන්තුරය ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේදී ඔවුන් නාවික හමුදා භාරයට පත් වූ අතර එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට අධික බවට නාවික හමුදාව සැක කෙරේ.

මේ අනුව අත්අඩංගුවට පුද්ගලයින්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනයේ පිහිටි ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.