Gossips

පීඩාවට පත් සිසුන් ගැන දැනුම් දෙන්න ක්ෂණික දුරකථන අංකයක්

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පාසල් දරුවන් පිළිබඳ දැනුම්දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව 1988 ක්ෂණික දුරකථන අංකය අමතා පාසල් නිල ඇඳුම්, පෙළපොත් සහ සටහන් පොත් විනාශ වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ හැකි බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
මීට අමතරව, අගෝස්තු මාසයේ පැවැත්වෙන උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ විනාශ වූ පෙළපොත් කඩිනමින් ලබාදීමටද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.