Gossips

ආජන්ටිනා කණ්ඩායමට මෙසී

ලබන ජුනි මාසයේ රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා නම් කළ ආජන්ටිනා කණ්ඩායමට සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ද ඇතුළත්ව තිබෙනවා.
23 දෙනෙකුගෙන් සමන්විත ආජන්ටිනා සංචිතයට ලූවී ඩිබාලා, සර්ජි ඇගිරෝ සහ ගොන්සාලෝ ඉජුවයින් ද ඇතුළත්.
බ්‍රසීලය, අයිස්ලන්තය, කොස්ටරිකා සහ ස්වීඩනය මීට පෙර තම සංචිතයන් නම් කර තිබුණා.
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රටවල් 32 ක සහභාගිීත්වයෙන් ලබන ජුනි 14 වනදා සිට ජුලි 15 වනදා දක්වා රුසියාවේදි පැවත්වෙනවා.