Gossips

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන් 52,000 ඉක්මවයි

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
පුද්ගල මරණ 8 ක් සහ තුවාල සිදුවීම් 7 ක් වාර්තාවී ඇති අතර, පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 20 ක්.
තවත් නිවාස 956 කට අර්ධ හානි සිදුව තිබෙනවා. ආරක්ෂිත ස්ථාන 137 ක පුද්ගලයන් 12,132 කු රඳවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර තලවකැලේ – සෙන්ට් ක්ලෙයාර් දියඇල්ලට ඉහළින් සහ මාවුස්සාකැළේ ජලාශය ඉස්මත්තේ පිහිටි නිවාස 11 ක පුද්ගලයන් 55 දෙනෙකු ද නායයෑම් අවදානම් හේතුවෙන් අද ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මැයි 24 සහ 25 යන දෙදින තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු පාසල් විදුහල්පතිවරුන් වෙනුවෙන් සංවිධාන කර තිබූ වැඩමුළුවද කල් දැමූ බවයි.