Gossips

කලවානේ කොටුවී සිටි ගැබිණි මව්වරුන් ඇතුළු පිරිසක් බේරා ගනී

ජල ගැලීම් හේතුවෙන් රත්නපුර – කලවාන ප්‍රදේශයේ කොටුවී සිටි ගැබිණි මව්වරුන් 09 දෙනෙකු ඇතුළු එකසිය හැත්තෑ දෙදෙනෙකු නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව බේරාගෙන තිබෙනවා.
එම මව්වරුන්ගෙන් 06 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා කලවාන රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
මීට අමතරව ජල ගැලීම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කොටු වී සිටින තවත් පුද්ගලයින් මුදා ගැනීම සඳහා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩිර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා තවත් අතිරේක බල ඇණි කිහිපයක් යෙදවීමට කටයුතු කර ඇති බවයි.