Gossips

ශ්‍රී ලාංකික තරුණයෙකුගේ ජීවිතයද බිළිගත් ලන්ඩනයේ ඝාතන රැල්ල (ඡායාරූප)

ශ්‍රී ලාංකික සම්බවයක් සහිත තරුණයෙකු පසුගිය ඉරිදා ලන්ඩන් නුවර මාර්ගයකදී ඝාතනයට ලක්වුණා.
28 හැවිරිදි වියේ පසුවූ අරුනේෂ් තංගරාජා නමැති මෙම තරුණයා පිහි ඇණුමකින් ඝාතනය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් එරට පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සිද්ධියට සැකපිට 44 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මේ අතර පසුගිය සතියේ දින 04ක් තුල තංගරාජාගේ ඝාතනය ඇතුළුව මෙවැනිම ඝාතනයන් 04ක් ලන්ඩනයේ සිදුව තිබෙනවා.
අරුනේෂ් තංගරාජා ඝාතනය වූ දින පස්වරුවේ තවත් තරුණයෙකු ඝාතනය කර ඇති අතර එම සිදුවීම මෙම ඝාතන රැල්ලේ සිදුවු ආසන්නතම සිදුවීම වනවා.
එරට ආරක්ෂක අංශ පවසන ආකාරයට මෙම වසරේ ගතවූ කාලය තුළ ඝාතනයන් 66ක් ලන්ඩනයේ සිදුව තිබෙනවා.
ශ්‍රී ලාංකික තරුණයා ඇතුළුව පසුගිය සතිය තුල ඝාතනයට ලක්වූ පුද්ගලයින් පහතින්.