Gossips

කාන්තාවකට අතවර කිරිමට තැත් කළ පුද්ගලයෙකු පොරෝ පහරකින් මරුට

ගලෙන්බිඳුනුවැව දුටුවැව 9 කොටස ප්‍රදේශයේදී පෙරොවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද අලුයම 2 ට පමණ නිවසකට අයුතු ලෙස ඇතුලුවු පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
මෙම පුද්ගලයා අදාළ නිවසට බීමත්ව අයුතු ලෙසට ඇතුලුවී නිවස තුල තනිව පදිංචිව සිටි කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේදි ඉන් බේරීම සඳහා ඇය පොරොවකින් පහරදී අතැයි මුලික විමර්ශණවලදි අනාවරණ වී තිබෙනවා.
මියගොස් ඇත්තේ දුටුවැව 10 කොටස ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම ඝාතනය සිදු කළ වයස අවුරුදු 55 ක් වූ නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
ගලෙන්බිඳුනු වැව පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.