දක්ෂ මෙන්ම කැපවීමක් සහිත දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් ඉදිරියේදී ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ බදුල්ලේ පැවති වියත්මග සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළා.
– ගෝඨාභය රාජපක්ෂ – හිටපු ආරක්ෂක ලේකම්
– 2014 අවසාන භාගයේ ගෝඨාභය රාජපක්ෂ ඉන්න ඒ දූෂිත, භයානක රාජ්‍ය නිලධාරියා එක්ක වැඩකරන්න කැමති මංගල සමරවීර මහත්තයා අද මම බලයට ආවොත් තියෙන භයකින් විශාල ප්‍රකාශයක් නිකුත් කරනවා. මම ලේකම්වරයා වශයෙන් අවුරුදු දෙක හමාරක වගේ සුළු කාලයක් තුළ කොළඹ නගරයේ කළ පරිවර්තනය තමුන්නාන්සේලා දන්නවා. අවුරුදු 30 ක් තිබුණ ඒ ත්‍රස්තවාදය අපිට අවුරුදු 3 කින් ඉවර කරන්න පුළුවන් වුණේ අපිට වැඩකරන්න පුළුවන් හින්දා. අපිට අවශ්‍ය වැඩකරන්න පුලුවන් කණ්ඩායමක්. අපි ඒකයි වියත්මග පටන්ගත්තේ. අවසාන මොහොත වෙනකන් ඉඳලා බලය අරගෙන ප්‍රතිපත්ති හදන්න නෙමෙයි. චන්ද්‍රිකා මැතිණියගේ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව විශාල ප්රචාරක ගෙනිච්චේ එතුමා. නමුත් මේ ඊයේ පෙරේදා කියලා තියෙනවා රනිල්ට වැඩ කරන්න පුළුවන් බව දැනගෙන බොරු ප්‍රචාර ගෙනිච්චෙ කියලා. එහෙනම් ඉතින් මටත් වැඩකරන්න පුළුවන් බව එයා දන්න හින්දා තමයි ඔය බොරු ප්‍රචාර ගෙනියන්නේ. හැබැයි මේ රටේ ජනතාවට එවැනි දේශපාලනඥයින් අවශ්‍ය නැහැ. වැඩකරලා මේ රට හදන්න පුළුවන් දක්ෂ කැපවීමක් තියෙන දේශපාලනඥයින්නුයි අවශ්‍ය. අපි ඉදිරියේදී එවැනි ආණ්ඩුවක් හදමු කියන එක මතක් කරමින් තමනුන්නාසේලාට සුභ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනාකරනවා.