Gossips

ඉන්දීය අගමැතිගේ බිරිඳ මාරක රිය අනතුරක (ඡායාරූප)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බිරිඳ ජශෝදාබෙන් මාරක රිය අනතුරකින් දිවි ගලවාගෙන තිබෙනවා.
රාජස්ථාන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී ඇය ගමන් කළ මෝටර් රථය අනතුරට ලක්වී ඇත්තේ අද පෙරවරුවේයි.
අනතුරින් මෝදිගේ බිරිඳට අනතුරක් සිදුවී නැතත් ඇයගේ ඥාතියෙකු මරණයට පත්ව තිබෙනවා.
ඔවුන් ගමන් කළ මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ.
එහිදී ජශෝදාබෙන්, ඇයගේ ආරක්ෂකයෙකු සහ රියදුරා සුලු තුවාල ලබා තිබෙනවා.
අනතුරට ලක්වන අවස්ථාවේ මෝටර් රථයේ 7 දෙනෙකු ගමන් කර ඇතැයි සඳහන්.
මෙම සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඉන්දීය පොලිසිය ප්‍රකාශකර තිබෙනවා.
වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි 1967 වසරේ දී ජශෝදා බෙන් සමග විවාහ වුනා.
ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 17 ක්.
කෙසේවෙතත් මේ වන විට යුවළ ජීවත් වන්නේ වෙන් වෙන්වයි.
නරේන්ද්‍ර මෝදි සිය විවාහය පිළිබඳ පළමුවරට හෙළි කලේ 2014 වසරේදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මහ මැතිවරණයට නාම යෝජනා ලබාදෙන අවස්ථාවේදීයි.