Gossips

ගිනි අවිත් සමඟ පස්දෙනෙකු අඹේපුස්සේදී අත්අඩංගුවට

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කළ අපරාධ කල්ලි සමාජිකයින් පස්දෙනෙකු ගිනි අවි සමඟ අඹේපුස්සේදී පොලිසිය
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ඔවුන් ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් 42ක් සහ මිලිග්‍රෑම් 790ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුවයි මේ වැටලීම ඊයේ(20) රාත්‍රියේ සිදුකර තිබෙන්නේ.