Gossips

අධික වර්ෂාවත් සමඟ පස්කන්දක් කඩා වැටෙයි

අධික වර්ෂාවත් සමඟ පස්කන්දක් කඩා වැටෙයි"
හැටන් නිවසක් මතට පස්කන්දක් කඩා වැටෙයි (ඡායාරූප)
අධික වර්ෂාවත් සමඟ හැටන් පුල් බෑන්ක් ප්‍රදේශයේ නිවසක් මතට විශාල පස්කන්දක් කඩා වැටී තිබෙනවා.
අද (21) පස්වරු 2.30 ට පමණ නිවස පිටුපස තිබු විශාල කන්දක් මෙලෙස කඩා වැටි ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
පස් කන්ද කඩාවැටී ඇති නිවසේ හිමිකරුවන් විදෙස්ගතව සිටින අතර කන්ද කඩා වැටෙන අවස්ථාවේ නිවස ඉබි යතුරු දමා වසා තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් එම නිවසේ මුළුතැන් ගෙය ඇතුළු පිටුපස කාමර කිහිපයකට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


(ඡායාරූප – රංජිත් රාජපක්ෂ)