Gossips

දකුණේ පැතිර යන වෛරස් උණ රෝගය පිළිබදව සොයා බැලීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

දකුණු පළාතේ පැතීරි යන වෛරස් උණ රෝගය පිළිබදව තවදුරටත් සොයා බැලීම සදහා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දකුණු පළාතට යොමු කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය සහ රෝගීන් නිරීක්ෂණය කිරිම සදහා මේ වනවිටත් එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
එමෙන්ම දකුණු පළාතේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ වර්ග සහ උපකරණ කඩිනමින් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.