Gossips

කැළණි, කළු, ගිං ගංගා සහ අත්ත්තනගලු ඔය මහා ගංවතුර තත්වයට

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂිකා මාලා අලවතුගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගං වතුර තත්ත්වයටත් වඩා ඉක්ම ගොස් ඇති බවයි.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ කැළණි ගඟ, ගිං ගඟ, අත්ත්තනගලු ඔය, මහා ගංවතුර තත්වයට පැමිණ ඇති බවයි.
මේ අතර වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7 ක්ද මේ වනවිට විවෘත කර තිබෙනවා.
ඒ අනුව මහවැලි ගඟ පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටයි මහවැලි අධිකාරිය ජනතාවට දැනුම්දෙන්නේ.
මීට අමතරව මාතර – අකුරැස්ස ප්‍රදේශයේද අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. අකුරැස්ස – සියඹලාගොඩ, අකුරැස්ස – කත්දූව, අකුරැස්ස – කඹුරුපිටිය යන මාර්ග අඩි 5 ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේ.