Gossips

සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු ලාල්චන් රාජ්පූට්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර සඳහා ඉන්දීය කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ලාල්චන් රාජ්පූට් පත් කර තිබෙනවා.
මාස 3ක කාලයක් සඳහා අදාළ පත් කිරීම සිදුකර ඇති අතර, ඔහු ජුලි මාසයේදී ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟ ආරම්භවීමට නියමිත තුන්කොන් තරඟාවලියේ සිට මෙම තනතුරේ කටයුතු කරනු ඇති.
ලාල්චන් රාජ්පුට් පසුගිය වසර දෙකක කාලයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.