Gossips

ගාල්ල – හිනිදුම ප්‍රදේශයේ දිය පහරට හසුවූ පුද්ගලයෙකු සොයා මෙහෙයුම්

ගාල්ල – හිනිදුම ප්‍රදේශයේ ගිං ගඟේ දියපහරට හසුවූ පුද්ගලයෙකු සොයා මේ වනවිට නාවික හමුදාව සහ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
අද පෙරවරුවේ පුද්ගලයෙකු මසුන් ඇල්ලීමට දැලක් දැමීමට ගිය අවස්ථාවේදී ගිං ගගේ දියපහරට හසුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, අතුරුදන්වූ පුද්ගලයාගේ සිරුර මේ වනවිටත් සොයා ගෙන නොමැති අතර, මෙලෙස අතුරුදන්ව ඇත්තේ හිනිදුම – හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර, හංවැල්ල – නිට්ටඹුව ප්‍රධාන මාර්ගය පූගොඩ ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ කැළණිගෙඟ් ජල මට්ටම ඉහළ යාමත් සමඟ පූගොඩ ප්‍රදේශයේ මාර්ගය අඩි දෙකක පමණ ප්‍රමාණයකින් ජලයෙන් යටව ඇති බවයි.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 17කට දැඩි අලාභ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර කියා සිටියේ නාය යාමේ අවදානම් සහිත ප්‍රදේශවල නිවෙස්වල රැදී සිටින පුද්ගලයින් දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි.