Gossips

මධ්‍යම පළාතේ බිත්තර වී නිෂ්පාදනයට විශේෂ වැඩපිළිවෙලක්

මධ්‍යම පළාත තුළ ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල පවසනවා.
ඔහු කියා සිටියේ ඒ යටතේ බිත්තර වී කිලෝග්‍රෑම් දෙකේ මළු ගොවීන් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අතර, ඒ සඳහා සියයට 50ක දායකත්වයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දරණ බවයි.