Gossips

ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු STAR තවත් තරඟකරුවන් පිරිසකගෙන් වර්ණවත් වුනේ මෙහෙමයි (ඡායාරූප)

ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ දහස් සංඛ්‍යාත තරඟකරුවන්, ටෙලිවිෂන් ප්‍රේක්ෂක මනාපය මත එසැණින් ඔසවා තබන සජීවී ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය 'හිරු STAR' තවත් දිනයක් සාර්ථකව අවසන් වුණා.
ඊයේ (20) දිනයේදී තරඟවැදුනේ අනුෂිකා මේඛලා, කංචුක ඇන්තනී / රිද්මාවි ඇන්තනී, සුරේශ් දිල්ශාන්, රැහැ , නිල්මිණී හපුආරච්චි, මලින්ද ප්‍රදීප් යන තරඟකරුවන් සහ කණ්ඩායම්.
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට නවතම තාක්ෂණය භාවිත කරමින් කරන මෙම සජීවී වැඩසටහන සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට හිරු ටීවී තුළින් සජීවීව ඔබේ ආලින්දයට ගෙන එනවා.