Gossips

රාජිතගේ ප්‍රකාශයට එකඟ වෙන්න බැහ – සන්ධාන මහලේකම් කියයි

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය දා, උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයට එකඟ විය නොහැකි බව නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.