Gossips

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට – අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

පවතින දැඩි වර්ෂාපතනයත් සමග කැළණි ගඟේ ජල මට්ටම ඉහළගොස් තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ, කොළොන්නාව, කැළණිය, බියගම, දොම්පේ, කඩුවෙල, හංවැල්ල, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ වර්ෂාව තවදුරටත් පැවතියහොත් නායයෑම්, බෑවුම් කඩා වැටිම්, ගල් පෙරලීම්,පස් කණ්ඩි කඩාවැටීම් සහ පොළොව ගිලා බැසීමේ අවධානම පිළිබඳ සැලකිලිමත් වන ලෙසටයි.
ඒ අනුව කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, බදුල්ල, මහනුවර සහ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.