Gossips

ජනපති කැළණි විහාරයේදී රණ විරු පිංකමකට එක්වෙයි

රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් විශේෂ පහන් පූජාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී ඊයේ (19) රාත්‍රියේ පැවැත්වුණා.
වසර 30ක යුදමය වාතාවරණය තුළ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් පහන් 29,142ක් දැල්වීම මෙහිදී සිදුකෙරුණු අතර එය සංවිධාන කර තිබුණේ යුද හමුදාව විසින්.
මේ අතර, රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ සංඝගත දක්ෂිණාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් පැවැත්වුණේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදියි.
සියලුම මහවැලි කලාප ආවරණය වන පරිදි වැඩම කරනු ලැබූ සංඝයා වහන්සේලා 200 නමක් විෂයයෙහි මෙහිදී දානය පිරිනමනු ලැබුවා.