Gossips

ජනපති, අගමැති එක්ව කටයුතු කළ යුතු බව දිගම්බරන් කියයි

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුල එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්්ඩු පක්ෂය නියෝජනය කරන සියළුම මැති ඇමතිවරුන්ට ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බව අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හැටන් ප්‍රදේශයේ අද (20) පැවති උත්සවයකට එක්වෙමින්.
මේ වන විට ආණ්ඩු පාර්ශවයෙන් ජනතාවට ඉටු විය යුතු කාර්යයන් නිසි පරිදි ඉටු වී නොමැති බව ඔහු අවධාරණය කළේ නිදහස් පක්ෂයෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම පිළිබදව ද සිහිපත් කරමින්.