Gossips

ලක්ෂ විස්සක දුම්වැටි ගුවන් තටුපොළේදී අල්ලයි (ඡායාරූප)

නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අද (20) කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු 41 හැවිරිදි වියේ පසුවන කල්මුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කුවේට් ගුවන් සේවයට අයත් කේ.යු 363 දරණ ගුවන් යානයෙන් මොහු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර වෙනත් ලාංකික කාන්තාවන් දෙදෙනෙකු උපයෝගි කරගනිමින් දුම්වැටි කාටුන් 50 බැඟින් බහා තිබූ ගමන් මලු 04ක් ගුවන් තොටුපළින් පිටතට රැගෙන යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඡායාරූප – කටුනායක, ප්‍රසාද් මුතුකුඩ