Gossips

කළු, ගිං සහ අත්තනගලුඔයේ ජල මට්ටම් ඉහළට

පවතින අධික වැසිත් සමඟ කළු සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමක පවතින බැවින් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව ඒ පිළිබදව අවදානයෙන් පසුවන ලෙසටයි.
එමෙන්ම ගිං ගඟේ ජල මට්ටම ද මේ වන විට පිටාර මට්ටමකට පැමිණ ඇති බැවින් බද්දේගම, බෝපේ – පෝද්දල, නාගොඩ, නියාගම, තවලම සහ නෙලුව යන ප්‍රදේශවලට අවධානමක් පවතින බව ද ඔවුන් ප්‍රකාශ කළා.
මීට අමතරව අත්තනගලුඔයේ ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.
මීගමුව, ජාඇල, මිනුවන්ගොඩ සහ ගම්පහ යන ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.