Gossips

වේගය සීමා කරන්නැයි අධිවේගයේ රියදුරන්ට උපදෙස්

අධිවේගී මාර්ග භාවිත කිරීමේදී පැයට කිලෝමීටර 60 ක උපරිම වේග සීමාවක් තුළ ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අනතුරු අවම කරගැනීම සඳහා දැඩි අවධානයෙන් රිය ධාවනය කිරීම සුදුසු බවයි එහි අධිවේගී මාර්ග මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්. ඕපනායක සඳහන් කළේ.
එමෙන්ම වැසි පවතින අවස්ථාවේ වාහනයේ ඉදිරිපස ලාම්පු දල්වාගෙන ගමන් කිරීමද වඩාත් වැදගත්.
මේ අතර දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
විශේෂයෙන් ගංඟා ජලය පිටාර ගැලීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවිය හැකියි. මාතර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ නිල්වලා ගෙඟ් සහ කිරමආර ජලාශයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.