Gossips

ආපදා ප්‍රදේශවලට සහයවීමට යුද හමුදාව සූදානම්

අධික වර්ෂාවත් සමඟ ආපදා ඇති වන ප්‍රදේශවලට සහයවීම සඳහා යුද හමුදාව සූදානම් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළා.
අධික වැසි පවතින ප්‍රදේශ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හරහා නිරතුරුව සොයා බලන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24ක කාලය තුළ මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.