Gossips

සිය නිවස පරීක්ෂා කිරීම ගැන මැලේසියානු හිටපු අගමැතිගේ අප්‍රසාදය

සිය නිවස පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කිරිම සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ පොලිස් පරීක්ෂාවේදී තම නිවසේ තිබූ මුදල් සහ වටිනා භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
පසුගිය සතියේ මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ නිවස පරික්ෂාවට ලක් කළේ ඔහුට විරුද්ධව එල්ලවී ඇති දූෂණ සහ මූල්‍ය වංචා හේතුවෙන්.
මෙම පරීක්ෂාකිරීම්වලදී ශ්‍රී ලංකා මුදල් රුපියල් කෝටි ගණනක්ද සොයාගනු ලැබුවා.