පුත්තලම – තබ්බෝව ගොවි ජනපදයේ බුද්ධිදසුන් ගම ඇතුලූ ගම්මාන රැසකට වන අලි තර්ජන එල්ලවී තිබෙනවා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ වනවිටත් තමන්ගේ වගා බිම් රැසකට හානි සිදුව ඇති බවයි.
තේවනුවර, පාවට්ටා මඩුව, නෙළිවැව, මහකෝන් වැව, මලියන්කුලම ගම්මානවලට මෙලෙස වන අලි තර්ජන එල්ලවී ඇති බව සඳහන්.
විල්පත්තුව, ජාතික වනෝද්‍යානය සහ තබ්බෝව අභයභූමියේ සිට පැමිණෙන මෙම වන අලි රංචුවේ වන අලි 50 ක් පමණ සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
තමන් මුහුණදී ඇති තත්ත්වය පිළිබඳව අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුම්වත් කළද ඔවුන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවට ගම්වාසීන් චෝදනා කළා.