Gossips

දකුණේ වෛරස් උණ ගැන සෙවීමට විශේෂඥ කණ්ඩායමක්

දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය පිළිබඳව සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විද්‍යාඥයින් කණ්ඩායමක් හෙට දිනයේ එම ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂණයක් සඳහා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ එම කණ්ඩායම ගාල්ල, මාතර සහ කඹුරුපිටිය ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි.
මීට පෙරද කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ වසංගත රෝග විද්‍යා ඒකකය අදාළ ප්‍රදේශවල පරීක්ෂණ සිදුකළ අතර, එම වාර්තාද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබෙනවා.
ඒ අනුව මේ වනවිටත් මෙම වෛරස් උණ රෝගය පාලනය කිරීමේ ක්‍රමවේද හඳුන්වාදී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කියා සිටියේ.
මෙම වෛරස් උණ රෝගය හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 13 ක්.
ඉන්ෆ්ලූවෙන්සා වෛරස් තත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය සහ බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් මෙම උණ රෝගය පැතිර යන බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ.