Gossips

ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ වෙනසක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලබන මාසයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේ වෙනස්කමක් සිදුකිරීම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.
ටෙස්ට් තරඟ 03 ක් පැවැත්වීමට නියමිතව තිබුණත්, එහි එක් ටෙස්ට් තරඟයක් ඉවත් කර ඒ වෙනුවට එක්දින තරඟ දෙකක් පැවැත්වීමටයි ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ.
මෙම තීරණයට හේතු වී ඇත්තේ එරටදී ටෙස්ට් තරඟ පැවැත්වීමේදී පවතින මූල්‍යමය අවාසිදායක තත්ත්වය බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පළමු ටෙස්ට් තරඟය ජුනි මස 06 වැනිදා ටි‍්‍රනිඩෑඞ් නුවරදී ආරම්භ වනු ඇති.