Gossips

නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි තත්ත්වය සහ අහස වළාකුලින් බරවූ ස්වභාවය හෙට දිනයේදීත් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සෙසු පළාත්වලත් පස්වරු දෙකෙන් පසුව මෙම වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකියි.
විශේෂයෙන් සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ක පමණ ඉතා තද වැසි ඇතිවීමේ හැකියා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර අධික වැසි හේතුවෙන් රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සියයට 83.9 ක් දක්වාත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 73.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.